කවි සිත්තම්
මිහිමඞළ සිසාරා මෙත්මල් සොයන කවි සිත…
Tuesday, April 5, 2011
කොවුලිඳු නිහඬයි
නුඹ නිහඬවූ බක් මහේ
සැමරුම් නිහඬ දිවයිනේ
කොවුලිඳු ද නිහඬව ගියේ
ඒ සොවින් මේ වසන්තේ
ඒ කම්පනය උවමනා
මේ දෙරණටයි අදදිනේ
මන්මුලාවු උන් ලොවින්
උන් නිසාවෙන් අහිමි වූ
ඒ උතුම් මිනිසා නුඹයි
ගීතය ලෙසින් අවදිවි
හදවත් පහන් කර නිවූ
Monday, April 4, 2011
සන්සාර මිතුදම්
සසරෙ එකමග යනවිට
සෙවනෙල්ලක් මෙන් ලඟ හිඳ
ඉන්නැති නුඹ හැම බවයෙම
සොයුරිය වී දුක් සිඳලන
හසරැලි වී හද පොපියන
අළුවි ගිනිගත් කතරෙක
එකවර පමණක් හමුවෙන
කෙම්බිම ෙස් නුඹෙ මිතුදම
සදා වාසනා සොයුරිය
මතු උපදින හැම භවයෙම
Newer Posts
Older Posts
Home
Subscribe to:
Comments (Atom)