Monday, October 31, 2011

මල් සුලඟට මුසු වුනාද?



කවඩි දිලෙන සුදු වැල්ලෙන්
සුමුදු සිසිල් කඳුකරයට
හෝරා කිහිපයක් ගෙවා
යන්නට හැකි කොයි දෙසින්ද?

හැම මල් වල සුවඳ පිරුණු
සුලඟ ඔබට දැනුනෙ නැතිද
වෛරය පිරි ඔබේ සුසුම්
මල් සුලඟට මුසු වුනාද?

එකම කෝඩ් පේළියකට
තරහ ගන්න මිනිස්සුන්ට
මම් කවි ලියනවා නොවෙයි
සිනා බෙදනවා පමණයි

අණ වින පර දේස වලින්
මගෙ ලක් මව රැක ගන්නට
අති අපෙ මෙත් සිත අසලට
අණුවන සිත් එපා ගන්න
මෙත් සිත් සවියෙන් බැඳෙන්න!!!

Thursday, October 13, 2011

මෙත් සිත ඇසුරේ හසරැල් සුපතමි


නුඹමෙන් නොසිතන මිනිසුන් අතරින්
කාට හැඟේවිද මනුසත් පබැඳුම්
මව් පිය සොහොයුරු දරු වෙන බැව් අප
නොමදත් උන් සේ දැක මිරිඟුව සැප
මිනිසුනි මොහොතක් නතර වෙයන්නේ
කරුණා දිව ඔසු නැතිද ලබන්නේ
කඳුලක් වැටුනේ ඇයි දැයි නොකියමි
මෙත් සිත ඇසුරේ හසරැල් සුපතමි