Sunday, August 21, 2011

වස්සානේ පමාවෙයන්...


වස්සානේ පමාවෙයන්...
කප්පරක් වැඩ අතරෙ
අපුරුවට පීදුනු ගොයම
කපා ගෙට ගන්න කලියෙන්
නුඹ විතරයි අඩුපාඩුවකට තිබුනෙ
නුඹත් ආවද ඉතින්..
වෙනදටත් කලියෙන්
තව සති දෙක තුනක් ඉවසන්...
නුඹටත් වහින්නට ඔනෑ තරම්
මටත් හිත පිරෙන්නට
වැහි දියෙන් ඉතිරෙන වැවක් තරම්..