Friday, August 6, 2010

දෙවස් සැමරුම

අඳුර බිඳ එළිය සොයනා මංපෙතේ
තනිව දුක් විඳ උගෙන ජයගත් දිනේ
මට ලැබුනු තුටු පඬුර
නුඹයි නුඹෙ සෙනෙහසයි...

දෙවසක් උනත් හමුව දිවි මංපෙතේ
සසරක් එක්ව සිටියා සේ දැනේ
මට උරුම නිමල සුව
නුඹයි නුඹෙ සෙනෙහසයි...

Tuesday, August 3, 2010

සුපෙම් සිහිනය

සමන් ගිර දෙසින් එන සීත නල රැල් වගේ
ලබන්නට නුඹෙ සිසිල මහද පින් කොට තිබේ...
සඳුන් හර පෙළා එන මිහිරි සුවඳක් වගේ
දුක් ගැහැට විඳ තනමු සුපෙම් සිහිනය අපේ...