Friday, July 23, 2010

සතුට


ගහ කොළටත් දැනෙන සතුට
මිනිස්සුන්ට නොදැනෙන හැටි
ඉර බහිනා හැන්දෑවක
ලා රතු පාටින් අහසේ
ලියා තියන්නට ඇත්නම්
සතුට නමැති පරම ධනය
අතහැර හැල්මේ දිවයන
පුහුදුන් මිනිසුන් වෙනුවෙන්...

ඈත


නුඹ ඈත
මම ඈත
ඒ වුනත් නුඹ මගේ සිත ගාව
රළ වගේ වෙරළත සිඹින