Tuesday, January 23, 2018

මොහොත

ගෙවා අවසන් අතීතේ
උදා වී නෑ අනාගතේ
මේ මොහොත වේ ජීවිතේ
එයයි සැනසුම හදවතේ..

මනස් විල්තෙර
තඹරු පමණෙකි
කිලිටි නොහෙලමු කිසිදිනේ..
සුවඳ වේ එය හදවතේ

හදෙහි පැහැසර
මියුරු සිතිවිලි
රකිනු හැකිනම් හැමදිනේ..
සතුට දේ එය ජීවිතේ

Wednesday, October 22, 2014

සෙවණ






මේ දුර පියමැන
නුඹ ලොකු වෙනකොට
මේ සෙවණ පුතේ..
දෙනු මැන මෙලොවට

Wednesday, April 3, 2013

නුඹ නික්මී දස වසරකි...

නුඹේ හඬින් ගැයු ගී පද
අසමින් මා නැළවුනාලු
බහ තෝරන්නාටත් කළින්
පියාණනේ කපුගේ...

නුඹ නික්මී දස වසරකි
වෙනස් නොවිනි ඒ සත්සර
අසමින් අද නැළවෙනවා
මා පුතු මා තුරුලේ..

Thursday, December 13, 2012

කවියෙකු වන්න කවි කරණට පිය සෙනෙහේ..















අම්මා කියා බහ තෝරන දා                පුතුනේ
තාත්තා කියන් හද පතුලෙන්              නිතිනේ
මව් පදවියේ බර ඔහු උර මත               රැඳුනේ
කවියෙකු වන්න කවි කරණට පිය   සෙනෙහේ